නවතම පුවත්

ෆින්ලන්තයේ කොටි කොඩි එසවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රන්ජන තන්ත්‍රිගේ ෆින්ලන්තයේ සිට www.thecolomboexpress.com වෙත ලියයි.
ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර වන්තා ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක ෆින්ලන්ත දෙමළ සංසදය සංවිධානය කළ දෙමළ ඊළාම් විමුක්ති කොටි ධජය මුලික කරගත් විශේෂ උත්සවයක් ඊයේ (04) දින පැවැත්විණි.
කොටි සංවිධානය ශ්‍රි ලංකාවෙන් මුලුනුපුටා දමා වසර දහයක් ගතවුවද ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර පැවැති මෙම උත්සවයේ ෆින්ලන්ත කොඩිය සමග කොටි සංවිධානයේ ඊලාම් කොඩිය අහසට ඔසවා තැබීම විශේෂත්වයකි.
අදාල උත්සවයේ අවස්ථා කිහිපයකදී කුඩා දරුවන්ද ඊලාම් කොඩි රැගෙන ඔබ මොබ යන දර්ශන දැකිය හැකි වු අතර ඊළාම් ශිෂ්‍ය භට කණ්ඩයක්ද එම ධජය පෙරටු කරගෙන පුහුණුවීම්කටයුතුවල නිරතවනු දක්නට ලැබිණි.
අදාල උත්සය සම්බන්ධයෙන් ෆින්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය සහ බලධාරින් දැනුවත් කිරීමට ප්‍රදේශවාසින් කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ද කළම්බො එක්ස්ප්‍රස් ඔස්සේ ඉදිරියේදී දැනුවත් කෙරෙනු ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා