දූෂණ වංචා හොයන කොමිසමට අධ්‍යාපන ලේකම් අදත්

Picture of අසංක

අසංක


වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අද (07) දින නැවත වරක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා කැඳවා ඇත.

පාසල් පෙළ පොත්වල විෂය භාර අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළ කිරීම සම්බන්ධ විමර්ශනයේදී සාක්ෂි දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂකවරයා සිටි අයි.එම්.කේ.බී ඉලංගසිංහ මහතාට දුන් ස්ථාන මාරුව අවලංගු කරන ලෙස කොමිසම දුන් නියෝගය ක්‍රියාත්මක වූවා දැයි සනාථ කර ගැනීම සඳහා මෙසේ අද දින රණසිංහ මහතාව කොමිසමට කැඳවා ඇත.

අදාළ ස්ථාන මාරුව නීත්‍යානුකූල නොවන බවත්, වහාම ඔහු පෙර සේවය කළ තනතුරේ පිහිටවන ලෙසත්, ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව පෙරේදා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළේ ය.