ලෝක සාමය පතුරුවන්න සංගා පොදුරද මඩුල්ලට

Picture of අසංක

අසංක

ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය ආරම්භ කර ඇති නවතම වැඩසටහනේ ප්‍රධානතම කොටස්කරුවෙකු ලෙස කටයුතු කිරීමට මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර එක්වී ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සමග පැවති සාකච්ජාවකින් අනතුරුව ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංගක්කාර මේ බව සඳහන් කළේය .

“සාමය ප්‍රවර්ධනය කිරිම වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ කටයුතු කිරීමට කැපවන බවට සංගක්ප්‍කාර මෙහිදී පැවසීය.

ස්කොට්ලන්ඩ් මහත්මියද එම සාකච්ජාවෙන් පසුව මාධ්‍ය වෙත පැවසුවේ කුමාර් සංගක්කාර පොදුරාජ්‍ය මණ්ඩලය සමග එක්ව කටයුතු කිරිම පිළිබඳව ස්තුතිවන්ත වන බවය.