නවතම පුවත්

හිටපු ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් නිදොස්කොට නිදහස්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව කොළඹ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටයි කොළඹ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙසට කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බංඩාර යන අයට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා. ඒ ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.පැමිණිලි පාර්ශ්වය චෝදනා 24 ම සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිගමනය වුණා.මෙම නඩුවට අදාල තීන්දුව  අද දින  විනිසුරු සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කළා
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්