කාම්බෝජ රජමාලිගයේ දී ජනපතිට උණුසුම්ලෙස පිලිගනී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආර්ථික, වෙළෙඳ, සාමාජයීය වශයෙන් මෙන්ම බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලු කටයුතුවල දී කාම්බෝජය, ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ලෙස අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජ රජතුමා Preah Bat Samdech Preah Boromneath Norodom Sihamoni ප්‍රකාශ කළේය.

කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කාම්බෝජ රජු අතර හමුවක් අද (08) පෙරවරුවේ සිදුවිය.

අද පෙරවරුවේ කාම්බෝජ රජමාලිගාව වෙත ගිය ජනාධිපතිතුමා කාම්බෝජ රජු විසින් ඉතා උණුසුම් සහ සුහදශිලී ලෙස පිළිගනු ලැබීය