නවතම පුවත්

චීන ව්‍යාපාරික කර්තෘවරුන්ගෙන් ලංකාවට සහතිකයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රිලන්කන් ගුවන් සේවයේ අනුග්‍රහය ඇතිව පසුගියදා මෙරට සංචාරයකට පැමිණි චීනයේ ප්‍රමුඛ මුද්‍රිත මාධ්‍යවේදීන් කණ්ඩායම ශ්‍රි ලංකාවේ නිදහස් හා සාමකාමී පරිසරය ඇගයීමකට ලක්කර තිබේ.චීනය, ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන රටවල් අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර 4-21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද සංචාරකයන්ගේ පැමිණීම පවත්වා ගැනීම සදහා ශ්‍රිලන්කන් ගුවන් සේවය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.ඵෙතිහාසික රංගිරි දඹුලු විහාරය, මහනුවර ශ්‍රී දළදා මාලිගාව, ගාල්ල ලන්දේසි බලකොටුව සහ සීගිරිය ඇතුළු UNESCO ලෝක උරුම ස්ථාන නැරඹීමට මෙම සංචාරයට එක්වු මාධ්‍යවේදීන් කණ්ඩායම කටයුතු කර තිබේ.පින්නවල අලි අනාථාගාරය, මින්නේරිය ජාතික වනෝද්‍යානය, මධ්‍යම කඳුකරයේ සශ්‍රීක තේ වතු සහ කොළඹ නගරයේ සංචාරයක් ද ඊට ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ජනතාවගේ ආගන්තුක සත්කාරය භුක්ති විඳි ඔවුන් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත්ව ඇති බව සියැසින් දැකගත හැකිවීම ගැන සතුටට පත්විය.මෙම සංචාරය අතර තුර අදහස් දක්වමින් LUXURYTIMES සඟරාවේ ප්‍රධාන කර්තෘ Lu Xiufang මහතා ප්‍රකාශ කළේ සාමය සහ සන්සුන් භාවය ශ්‍රී ලංකාවේ සුවිශේෂී ලක්‍ෂණයක් වන බවයි. “ මෙහි වැඩි කලබලයක් නෑ හරිම නිදහස්. මෙහි ඉතිහාසය හා සොබාදහම විසින් ඉතිරි කර ඇති සියවස් ගණනක් පැරණි පුරාණ විහාරස්ථාන ගොඩක් තියෙනවා. සමහර තේ වතු අක්කර දහස් ගණනක් තියෙනවා සමහර ඒවා හරිත කඳු වලින් වටවෙලා තියෙනවා. ඔබගේ මනස සුව කිරීමට මෙහි පැමිණෙන ලෙස මම සෑම දෙනාටම ආරාධනා කරනවා. මෙහි සිටින ජනයා සාමකාමීව හා නිදහසේ ජීවත් වෙමින් සාමාන්‍ය ජීවිතය ගත කරනවා. ” යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ජනමාධ්‍යවේදීන් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔවුන්ගේ ඇල්ම සහ ආදරය ප්‍රකාශ කළ අතර, නිදහසේ විවේකීව කාලය ගත කිරීමට බලාපොරොත්තු වන සංචාරකයින්ට ශ්‍රී ලංකාව කදිම ගමනාන්තයක් බවත් පෙන්වා දුන්හ.මෙම සංචාරක මාධ්‍යවේදීන් චීනයේ ප්‍රමුඛ මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කළ අතර ව්‍යාපාරික ගමනාන්තයන් සම්බන්ධයෙන් චීනයේ විශාලතම ඉහළ පෙළේ මාධ්‍ය ක්‍රියාකරුවකු වන BUYtime Media හි LUXURYTIMES සඟරාවද නියෝජනය විය. මිලියන 8 කට අධික දෛනික පරිශීලකයින් සිටින චීනයේ ප්‍රධානතම මූල්‍ය මාධ්‍යය වන Jiemian නිවුස් සහ නැගෙනහිර විශාලතම සංසරණ ප්‍රදේශය ඇති ග්ලෝබල් ටයිම්ස් මාධ්‍ය ආයතන මෙන්ම මිලියන 10 කට අධික පරිශීලකයන් පිරිසක් සිටින උතුරු හා දකුණු චීනයේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් මෙම සංචාරයට එක්වූහ. ජාතික ගුවන් සේවය වෙනුවෙන් මෙම සංචාරයේ භූමි මෙහෙයුම් සහ සැපයුම් කටයුතු ජෙට්වින් ට්‍රැවල්ස් දායකත්වයෙන් සිදුවිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්