තවත් DIG පිරිසකගේ මාරුවීම් මාරුවෙයි
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා කුරුණෑගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන දෙදෙනාට ස්ථාන මාරු ලබාදීමට අද රැස්වූ ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.
ඒ වැඩබලන පොලිස්පතිවරයා කළ ඉල්ලීම සළකා බලමිනි.
ඒ අනුව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා පුත්තලමටත් කුරුණෑගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා කන්තලේටත් මාරු කිරීමට නියමිතය.
ඒ වෙනුවට කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා පත්කිරීමට නියමිතය.
ඉකුත් 01 වැනිදා ස්ථාන මාරු ලබාදීමට තීරණය කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනකුගේ ස්ථාන මාරු පොලිස්පති ඉල්ලීම මත වෙනස් කිරීමට අද රැස්වූ ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත.
ඒ් අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනකුගේ පමණ ස්ථාන මාරු වෙනස්වීමට නියමිතය.