ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධයි – ජනපති ජාතිය අමතා කියයි

Picture of අසංක

අසංක

ඇමති ධුර වැඩිකරගැනීමේ අරමුණින් සිදුකෙරෙන ජාතික ආණ්ඩු සංකල්පයට ජනාධිපතිවරයා අද ජාතිය අමතන අතරතුරදී සිය විරෝධය පළකළේය.

ඒ අදට යෙදී තිබූ 71 වැනි නිදහස් දින සමරුවේදී ය.

එක් මන්ත‍්‍රීවරයකු පමණක් සිටින පක්ෂයක් සම්බන්ධ කරගනිමින් ආණ්ඩු පක්ෂය ජාතික ආණ්ඩුව ගොඩනැගීමට එකග විය නොහැකි බව හෙතෙම සදහන් කළේ ය.

ජනතාව අපේක්ෂා කරනුයේ 25 දෙනකුගෙන් යුත් ඇමති මණ්ඩලයකට බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් පසුගියදා කථානායකවරයාට භාරදුන් අතර එහි විවාදය ලබන 07 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

මාධ්‍ය වාර්තා පළකර තිබුණේ පාර්ලිමේන්තුවේ හක් මන්ත‍්‍රීවරයකු පමණක් නියෝජනය කරන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමගින් සන්ධානගතවී ජාතික ආණ්ඩුව පිහිටුවීමට එජාපය සූදානම් වන බවයි.

මෙම යෝජනාව භාරදුන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ ජාතික ආණ්ඩුව පිහිටුවනු ලබන්නේ ඇමති ධුර වැඩිකරගැනීමට බව සත්‍ය වුවත් සන්ධානගත වන පක්ෂ පිළිබ`ද කිසිවක් අනාවරණය කළ නොහැකි බවයි.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි