එක්සත් ජාතීන්ගේ මාලී සාම සාධක හමුදා සේවයේ නිරතව සිටියදී පසුගිය 25 වැනිදා බෝම්බ ප්රරහාරයකට ලක්ව මියගිය යුධ හමුදා සාමාජිකයන් දෙදෙනාගේ සිරුරු අද (04) සවස 3.10 ට පමණ ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපලට ගෙනවිත් ඇත.
මේජර් එච්.ඩබ්ලිව්.ඩී. ජයවික්රයම සහ සැරයන් S. S. විජේකුමාර ගේ දේහයන් මෙසේ එක්සත් ජාතීන්ගේ ධජවලින් ආවරණය කොට මෙරටට රැගෙන ආ බව යුධ හමුදා මාධ්යැ ප්ර කාශක බ්රිගගේඩියර් සුමිත් අතපත්තු පවසයි.
මේ අතර මියගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් රැගෙන මාලී හි එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ අණදෙන නිලධාරී ඩෙනිස් ග්ලෙයින්පොර් ඇතුළු නිලධාරින් පිරිසක්ද මෙරටට පැමිණ සිටියහ.
රණවිරුවන්ගේ දේහයන් යුද හමුදා ගෞරව සහිතව මෙරටට භාර ගැනීම සිදුවිය.
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, එක්සත් ජාතීන්ගේ මෙරට නිත්යස නියෝජිත හැනා සින්ගර්, යුධ හමුදාවේ උසස් නිලධාරීන් රැසක් සහ මියගිය හමුදා සාමාජිකයින්ගේ පවුලේ ඥාතිහු කටුනායක ජාත්යරන්තර ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.
මිගමුව රෝහලට රැගෙන ගිය හමුදා සාමාජිකයන් දෙදෙනාගේ සිරුරු මරණ පරීක්ෂණයෙන් අනතුරුව අද රාත්රි ෙය්දීම රණවිරුවන්ගේ නිවස්වලට භාර දීමට නියමිතව ඇත.