71ක් වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව ලන්ඩන් නුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී ඊයේ(04) පැවති නිදහස් උත්සවයට දෙමළ ඩයස්පෝරාවේ කොටි හිතවාදීන් පිරිසක් බාධා එල්ල කර ඇත.
එමෙන්ම මෙරට උතුරුහා නැගෙනහිර පළාත්වල ද ඇතැම් දෙමළ ජනතාව නිදහස් දින සැමරැමට විරෝධය දක්වා සටන් පාඨ කියමින්, කළු පටි බැදගනිමින් විරෝධතා පැවැත්වූ බව දෙමළ මාධ්‍ය වාර්තා කළේය.
ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදීද නිදහස් උත්සවය පැවැත්වෙන අවස්ථාවේ, එය ඉදිරිපිටට රැස්වුණු කොටි හිතවාදීන් ශ්‍රී ලංකා රජයට එරෙහි සටන් පාඨ කියමින් විරෝධතාවක නිරතව ඇත.
මෙම පිරිස ඊයේ සවස් කාලයේදී මෙවැනිම තවත් විරෝධතාවයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවස ප්‍රදේශයේදීද පැවැත්වා ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
පැතුම් වික‍්‍රමරත්න