ශ‍්‍රී ලංකා පොලීසිය සහ ඩුබායි පොලීසිය එක්ව කළ රහස් මෙහෙයුමකින් අනතුරුව මාකදුරේ මධූෂ්, කංජිපානි ඉමිතියාස්, කෙසෙල්වත්තේ දිලූප සහ මෙරට ප‍්‍රසිද්ධ ගායකයෙක් ඇතුළු පිරිසක් කොටු කරගෙන තිබේ.
ඩුබායිහි පිහිටි හෝටලයක් තුළ දී මෙම පිරිස කොටුකරගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා The colombo Express වෙත සනාථ කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද මෙහෙයුමකට අනුව මෙම පිරිස කොටුකර ගැනීමට හැකි වූ බව ඔහු සදහන් කළේය. එම ප‍්‍රසිද්ධ ගායකයා අමල් පෙරේරා නම් පුද්ගලයෙක් බව ද ඔහු ස
දහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ