ඇලෝෂියස්ගේ පියාගේ සිංගප්පූරු ගමන නවතී

Picture of අසංක

අසංක

මහබැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන ඇලෝෂියස් මහතාගේ පියා වන ජෙෆ්රි ඇලෝෂියස් මහතා සිංගප්පූරුවට යාමට කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්තත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද ප්‍රතික්ෂේප කළාය.තමන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා සිංගප්පූරුවට යාම සදහා අවසර ලබාදෙන ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් මහතා අධිකරණයට ඉල්ලීමක් කර තිබුණි.

නමුත් අදාළ ඉල්ලීම තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් ජෙෆ්රි ඇලෝෂියස් මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරිය තීරණය කළාය.

ඒ මහතා මේ මස 13 වැනිදා සිට ලබන 20 වැනිදා දක්වා ඉන්දියාවට යාමට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබූ අතර එම ඉල්ලීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදුන්නා ය.

ආන්දොලනාත්මක මහබැංකු බැදුම්කර වංචාවේ මහමොළකරු‌ මෙන්ම ප්‍රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද සිංගප්පූරුවේ රැදී සිටින බවට මාධ්‍ය වාර්තා පළවී තිබිණ.

ඉෂාර රත්නකාර