තම ඒටීඑම් කාඩ්පත් සම්බන්ධ හුවමාරු සහ බැංකු ගිණුම්වල සැකසහිත මුදල් හුවමාරු පිළිබද වහාම අදාළ බැංකු වෙත දැනුවත් කරන ලෙස ජනතාවට දැනුම්දීමක් කර තිබේ.
ශ‍්‍රී ලංකා ගෙවීම් කාඩ්පත් වෙළෙ
ද සංගමය සහ ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
තම ඒටීඑම් කාඩ්පත් මගින් වංචාසහගත සහ සැකසහිත මුදල් හුවමාරු සිදුවී ඇති බවට පාරිභෝගිකයන් කිහිපදෙනකුගෙන් ලද තොරතුරුවලට අනුව ඒ විමසා බැලූ පසුව ඉහත පාර්ශ්ව විසින් මෙම නිවේදනය නිකුත් කොට තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් සිය ඒටීඑම් කාඩ්පත්වල හුවමාරු, බැංකු ගිණුම් විස්තර සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ඉහත සංගම් ජනතාවට දැනුම් දී සිටියි.
ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි