බැඳුම්කර වංචාවේ හඬපට රජයේ රස පරීක්ෂක හමුවට

Picture of අසංක

අසංක

ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව පිළිබද සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පර්පෙචුවල් ටේෂ‍රරීස් සමාගම විසින් ලබාදුන් දුරකතන හඬපටවලට අදාළ අනුපිටපත් රජයේ රසපරීක්ෂකවරයා වෙත වහාම යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රහස් පොලීසියට අද නියම කළේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් බැඳුම්කර කොමිසම වෙ ත ලබාදී තිබූ දුරකතන හඩපටවල දෝෂ සහිත තත්වයක් පත්කර ඇති බැවින් ඒවා පරීක්ෂා කිරීමට අපහසු බව රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා තිබුණි.

එලෙස රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කිරීමට අපහසු බව කිවූ හඩපටවල අනුපිටපත් රහස් පොලීසිය අධිකරණය හමුවට අද ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අදාළ හඩපටවල අනුපිටපත් වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර කඩිනමින් වාර්තාවක් ලබාගන්නා ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට නියම කළේය.

‌ඉෂාර රත්නකාර