ලංකාව ගැන ඉන්දියාවේ සැලසුම

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට සහය ලබාදෙමින් දෙරට අතර ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් තාරන්ජිත් සිං සන්ඩු මහතා අවධාරණය කර සිටී.

ඉන්දියාවේ 73 වන නිදහස් දිනය සමරමින් කොළඹ ටජ් සමුද්‍රා හෝටලයේ ඊයේ රාත්‍රියේ පැවති උත්සවයකදී මහ කොමසාරිස්වරයා මේ බව පැවසීය. ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය (එස්එල්අයිඑස්) විසින් මෙය සංවිධානය කර තිබු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වරාය හා නාවික හා දකුණු සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊට සහභාගී විය.

දුෂ්කර කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සිටින බවත්, පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට ගිය පළමු ලෝක නායකයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වූ බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ශක්තිය කෙරෙහි අඛණ්ඩව විශ්වාස කරන බව ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව; ශ්‍රී ලංකාවට එහි සියලු මහිමය ඉහළ නැංවීමට ඇති හැකියාව සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලු සැපයුම් දාමයන් මෙහෙයවමින් ඉන්දීය සංචාරකයින් ශ්‍රී ලංකාව තුළ නැවත පැමිණ ඇති බවතනේ ම්මහතා පැවසීය.