වස විස ඇති කිරිපිටි මෙරටට ඒමේ අවදානමක්

Picture of අසංක

අසංක


මෙරටට ආනයනය කරන කිරිපිටි වල ප්‍රමිතිය නිසි ලෙස පරික්ෂා කර බැලීමට අවශ්‍ය තාක්‍ෂණික උපකරණ මෙරට තුල නොමැති බවත් ඒ හේතුවෙන් වස විස සහිත බාල කිරිපිටි මෙරටට ඇතුළුවීමේ බරපතල අවධානමක් පවතින බවත් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කර සිටී.

විශේෂයෙන්ම අප ආනයනය කරන කිරි පිටි වල ඌරු තෙල් , Palm තෙල් වැනි ද්‍රව්‍ය , විශාල ලෙස අඩංගු බවට තොරතුරු වාර්තා වන බවත් මෙය අනාගතයේ දී බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් වනු ඇති බවත් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ,කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවෙල මහත්මිය ඊයේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලාය.

ඒ අනුව ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය නිසි ලෙස සොයාබැලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින්ක්‍ වහා ගත යුතුව ඇති බවද ඇය මෙහිදී සඳහන් කළාය.’

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවසීය .
“මම මේ කතා කරන්නේ අපේ දේශීය කිරි පිටි නිෂ්පාදනය ගැන නෙමෙයි. මෙම අනාවරණය පැහැදිලිවම පිට රටින් ගෙන්වන කිරි පිටි ගැන.

නියම ආකාරයට පරීක්ෂා කරලා තහවුරු කර ගත්තොත් මෙතෙක් අපි බීලා තියෙන්නේ එළදෙනුන්ගේ හෝ මී එළදෙනුන්ගේ කිරි නොවෙයි. ඌරු තෙල් හෝ Palm තෙල් පිටි නැත්නම් ලැක්ටෝස් බව තහවුරු වන බව මට විශ්වාසයි.

බුද්දික පතිරණ ඇමතිතුමාත් මේ ගැන පාර්ලිමේන්තුවේදී කරන ලද අනාවරණය සුළුකොට තකන්න බෑ. “

පැතුම් වික්‍රමරත්න