නවතම පුවත්

ට්‍රම්ප් – කිම් ජොන්ග් හමුව වියට්නාමයේදී 27-28

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරු කොරියාව සමග න්‍යෂ්ටිකහරණය සම්බන්ධ දෙවැනි සාකච්ඡා වටය මෙම මස අවසාන භාගයේදී සිදුකරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකානු නායකයා මෙසේ අදහස් දක්වා සිටියේ එරට කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඉදිරියේ වාර්ෂිකව සිදුකරන ‘ස්ටේට් ඔෆ් ද යූනියන්’ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.කෙසේ වෙතත්, මෙවර වාර්ෂික කතාව සුපුරුදු දින වකවානු ඉක්මවා යමින් සිදුවූයේ ට්‍රම්ප් යෝජනා කළ මෙක්සිකෝ දේශසීමා තාප්පය සම්බන්ධයෙන් වූ අරමුදල් සම්පාදනයට ඩිමොක්‍රටික්වරු එකඟ නොවීම නිසා ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙනි. මේ හේතුවෙන් ඇමෙරිකානු රජය තාක්ෂණිකව අඩපණවීමකටද ලක්විය.

කෙසේ වෙතත්, මෙවර කතාවේදී ට්‍රම්ප් යළිත් අවධාරණය කරනු ලැබුවේ මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීමට කටයුතු කරන බවටය.දේශපාලන එක්සත් භාවයක් සඳහා එක්වන ලෙස ඉල්ලා සිටි ඔහු, මෝඩ පක්ෂග්‍රාමී පරීක්ෂණ ඇමෙරිකානු සමෘද්ධියට හානි කරන බවද කියා සිටියේය.

ඒ අනුව, උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සමග වියට්නාමයේදී සිදුවන දෙවැනි සාකච්ඡා වටය පෙබරවාරි 27 – 28 දිනවල සිදුකෙරෙනු ඇති බව ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්