දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද කීර්තියට පත් මෙරට මහාචාර්යවරුන් වන චන්න ජයසුමන හා සරත් ගුණතිලක යන මහත්වරුන් සම්මානයෙන් ඇගයීමට විද්‍යා ප්‍රවර්ධනය සදහා වන අමෙරිකානු සම්මේලනය තීරණය කර තිබේ.
ඒ නිධන්ගත වකුගඩු රෝග හා ග්ලයිෆොසේට් අතර ඇති සම්බන්ධතාව අනාවරණය කරගැනීම වෙනුවෙනි.
මේ අනුව විද්‍යාත්මක නිදහස හා වගකීම වෙනුවෙන් පිදෙන සම්මානයෙන් මහාචාර්යවරුන් පිදුම් ලැබීමට නියමිතය.
සිය පෞද්ගලික ජීවිතයට ඇති මරණ තර්ජන, ගර්ජනවලට මෙන්ම අනේකවිධ අභියෝග, අසීරුතාවලට මුහුණ දෙමින් අඛණ්ඩව නිධන්ගත වකුගඩු රෝග පිළිබද සමීක්ෂණ, පර්යේෂණ සිදුකිරීම හා එම කැපවීම, මෙහෙවර වෙනුවෙන් මෙම සම්මානය ප්‍රදානය කිරීමට එම සම්මේලනය පියවර ගෙන ඇත.
නිධන්ගත වකුගඩු රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ 25,000ක් පමණ දෙනා මියගොස් තිබෙන බව එම සම්මේලනය පෙන්වා දෙයි.
එමෙන්ම මධ්‍යම ඇමෙරිකාවේ 20,000ක් පමණ දෙනා ද මෙමරෝගයට ගොදුරුවීමෙන් මියගොස් ඇත.
එම සම්මේලනයේ විද්‍යාත්මක වගකීම්, මානව හිිමිකම් හා නීති වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂ ජෙසිකා වින්ඩෑම් පවසා ඇත්තේ පෞද්ගලික අවදානම ද නොතකා, අප්‍රතිහත ධෛර්යය, වෘත්තිමය නිපුණතාව හා වගකීම ගෙන සියලු අභියෝග හමුවේ නොසැලී ආදර්ශමත් මෙහෙවර වෙනුවෙන් මේ වසරේ සම්මානය මොවුන් දෙදෙනා වෙත ප්‍රදානය කිරීමට තීරණය කළ බවයි.
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
![](http://thecolomboexpress.com/wp-content/uploads/2019/02/sarath_gunatilake-1024x641.jpg)
![](http://thecolomboexpress.com/wp-content/uploads/2019/02/IN-1-1-1024x760.jpg)