නවතම පුවත්

DLB නව සභාපති ජගත් විජේවීර

අසංක

අසංක

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජගත් පී විජේවීර මහතා පත්කෙරේ.

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියකු වූ ඔහුගේ පත්කිරීම මුදල් අමාත්‍යවරය විසින් සිදුකරන ලදී.


ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිළධාරියකු ලෙස පත්වීම් ලබමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජගත් පී විජේවීර මහතා වසර 35 ක් රාජ්‍ය පරිපාලනය පිළිබදව අත්දැකිම් ලද අයෙකි.


සිය වෘත්තීය ජීවිතය තුළ විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ධුරයන් හොබවා ඇති ජගත් මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද සේවය කර ඇත.


නිතීය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද සේවය කරමින් අත්දැකීම් පරිපූර්ණ වූ ජගත් මහතා ශ්‍රි ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද තම සේවය ලබාදී ඇත.


රාජ්‍ය සේවයේ එවන් විපුල අත්දැකීම් රැසක් සහිත ජගත් පී විජේවීර මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාව පිළිබදව ප්‍රථම උපාධිය හදාරා අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර අධ්‍යනය පිළිබද පශ්චාත් උපාධිය ලබා ඇත.


How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්