විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරනු ලබන ‘පුළුල් ජනතා සන්ධානය’ට එක්වීමට පක්ෂ 3ක් එකඟතාව පළකර තිබේ.
ඒ ජාතික හෙළ උරුමය, දමිල ප්‍රගතිශීලි සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි.
එම පක්ෂ නායකයන් හා මහලේකම්වරුන් ඒකාබද්ධ නිවේදනයක් මගින් මේ බව නිවේදනය කර ඇත.
නව සන්ධානය සමගි ජාතික බලවේගය ලෙස නම් කර තිබුණි.
කෙසේවෙතත් සන්ධානයේ නම වෙනස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
නව සන්ධානයේ මහලේකම් වරයා ලෙස පත්කොට ඇත්තේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා ය.