උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථානවල සීමා මායිම් නිසි පරිදි සලකුණු කර එම ස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
භික්ෂූන්වහන්සේ පිරිසක් සමග පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙරට බුද්ධ ශාසනය මුහුණ පා තිබෙන ගැට ̈ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහමන්දිරයේදී ඊයේ පැවැත්වුණි.
මුහුදු මහා විහාරය, යාපනයේ ඓතිහාසික සිද්ධස්ථාන, ඩෙල්ෆ් දූපතේ පෞරාණික චෛත්‍ය ,මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය සහ අනෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථාන වල අනාරක්ෂිත භාවය පිළිබඳව පුරාවිද්‍යාත්මක නිලධාරීන් සමග සාකච්ඡුාකර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය