නවතම පුවත්

මෙරට ප්‍රථම පරිසර හිතකාමී හෝටලය ‘ආයුර්වී සීගිරිය’ විවෘත වෙයි

අසංක

අසංක

Back to Earth ඉදිකිරීම් සංකල්පය යටතේ මෙරට ඉදිකළ ප්‍රථම පරිසර හිතකාමී සංචාරක හෝටලය පසුගියදා සීගිරිය ප්‍රදේශයේදී විවෘත කෙරිණ.

” ආයුර්වී සීගිරිය ” නමින් හැඳින්වෙන මෙම තරු පන්තියේ සංචාරක හෝටලය මුඵමනින්ම ආයුර්වේද ක්‍රියාකාරකම්වලට වෙන්වු නිර්මාංශ ආහාර සහිත හෝටලයකි .

එසේම සිමෙන්ති භාවිතයෙන් තොරව ” බැක් ටු අර්ත් සංකල්පය යටතේ” , මැටි සහ පරිසරයට යළි එක්කළහැකි අමුද්‍රව්‍ය පමණක් යොදා මෙහි ඉදිකිරිම් සිදුකර තිබීම සුවිශේෂී කරුණක් වේ.

Theme Resorts and Spas සමූහයට අයත් නවතම හෝටලය ලෙස විවෘත කෙරුණු මෙහි සිදුකෙරෙන සෑම ආයුර්වේද ප්‍රතිකාරයක්ම අවුරුදු 3000 කට වඩා පැරැණි සාම්ප්‍රදායික දකුණු ආසියානු ආයුර්වේද ශිල්ප ක්‍රම භාවිත කරගනිමින් සිදු කෙරේ . එසේම ඒ සඳහා . ඒ මනා පළපුරුද්දක් සහ සුදුසුකම් සහිත සේවක පිරිසකගෙන්ද මෙම හෝටලය සමන්විත වේ.

වර්ණ ගැලපීමත්, සංගීතයත් ආයුර්වේද ප්‍රතිකාරයන්ට ගැලපෙන පරිදි සකස් කර ඇති මෙම හෝටලයේ නේවාසික වෛද්‍යවරයා විසින් අමුත්තන්ගේ පෝෂණ අවශ්‍යතා ගැනද පෞද්ගලික මට්ටමින් උපදෙස් සැපයීම සිදුකරනු ලැබේ ..

හෝටල් අවන්හලේදී මුළුමනින්ම නිර්මාංශ සහ වස විසෙන් තොර කාබනික ආහාර පිළිගැන්වෙන අතර එම අහාර සැකසීමද හෝටලයේ ආයුර්වේද වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව සිදුකෙරේ .

ආයුර්වේද ප්‍රතිකර්ම මෙන්ම පංචකර්ම , බෞද්ධ භාවනා ක්‍රම මෙන්ම යෝග ක්‍රමද මෙම සංචාරක නිකේතනයේදී හැදෑරීමේ හා භාවිතා කිරීමේ අවස්තාව උදාවේ.

අමුත්තන්ගේ සෞඛ්‍ය ගැන අවධානය යොමුකරන අතරේදීම පරිසර හිතකාමී සහ තිරසාර වැඩපිළිවෙළක්ද මෙහි ක්‍රියාත්මකවේ .

ආයුර්වී සිගිරිය සංචාරක හෝටලය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 80 ක් වැය කර ඇති බව මෙය අයත් Theme Resorts and Spas හි සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය .

මෙම සුවිශේෂී හෝටලය විවෘත කිරීම එංගලන්තයේ රූට්ලන්ඩ් ප්‍රාන්තයේ ආදිපාද ආර්යා එමා මැනර්ස් මහත්මිය අතින් සිදුකෙරින .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්