රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ඔහු පසුගියදා 14 වනදා අළුයම අත්අඩංගුවට ගෙන අබුඩාබි සිට මෙරටට රැගෙන එන ලදී.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.
මිග් යානා මිලදී ගැනීමේ දී වංචාවක් සිදුකල බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය රජය සමයේ සිදුකළ විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබුණි.
දුටුතැන අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර පසුව ජාත්‍යන්තර පොලීසිය වෙතද රතු නිවේදන නිකුත් කර තිබුණි.