නවතම පුවත්

මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනාධිපති ශ්‍රී ධර්මරක්ෂිත වංසාලංකාර මහෝපාධ්‍යාය අම්පිටියේ රාහුල හිමියෝ අපවත් වූහ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

1914 දෙසැම්බර් 24 දින අම්පිටිය ප්‍රදේශයේ උසස් පවුලක් වූ සීමොන් රාජපක්ෂ යුවලට පුත්‍ර රත්නය වූ ධර්මදාස රාජපක්ෂ දරුවා මූලික අධ්‍යාපනය ලැබුවේ අම්පිටිය ශාන්ත මේරි සෙමනේරියෙනි. එසේම දළුක්ගොල්ල විහාරයේ දහම් පාසැලට ඇතළත් ව ධර්ම අධ්‍යාපනය ලැබූ ධරමදාස දරුවා බුදුදහම, කිතුණු ඉගැන්වීම් සහ ඉංග්‍රීසි දැනුමේ හසළ දැනුමැතියෙකු විය. පුරාකෘත සංසාරගත පුරුද්දට දෝ මෙන් බැ.ව 1936 වූ මැයි මස 04 වන දින කඹුරුගමුව දේවගිරි විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය ශ්‍රී සද්ධම්ම ජෝතිපාල කවිධජ විනයාචරිය වෑගම්පිට ශ්‍රී රේවත මහ තෙරුන්ගේ ආචාර්යත්වයෙන් පූජ්‍ය අම්පිටියේ රාහුල යන නමින් පැවිදි දිවියට ඇතුළත් විය. වජිරාරාමය විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය පැලැනේ ශ්‍රී වජිරඥාන හිමි, පූජ්‍ය තලංගම ඉන්දසාර හිමි සහ පුජ්‍ය අහංගම ශ්‍රී පඥාලෝක හිමිවරුන්ගේ ගුරුහරුකම් ලබමින් පූජ්‍ය අම්පිටියේ රාහුල සාමණේර හිමියෝ බැ.ව 1936 ජූනි 30 වන දින කැළණිය උදකුක්ඛේප සීමාවේදී මහාර්ඝ උපසම්පදාව ලැබූහ.

1958 අප්‍රේල් මස 21 වැනිදා මහරගම ශාසන සේවක සමිතිය ඇතිකිරීම පාණිස අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන් සමඟ එක්වූ පූජ්‍ය රාහුල හිමියන් වර්තමාන මහරගම ශ්‍රී වජිරඥාන වජිරඥාන ධර්මායතනය නම් යෝධ වෘක්ෂයේ මුදුන් මුලක් යැයි කිවහොත් නිවැරදිය.

දක්ෂ ධර්මකථික හිමිනමක් වූ අතිපූජ්‍ය අම්පිටියේ රාහුල හිමියෝ සිය දශක අටකට අධික පැවිදි දිවිය තුළ බුද්ධ සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කළ මෙහෙය අතිමහත්ය.

අතිපූජ්‍ය පැලෑනේ ශ්‍රී වජිරඥාන මහනායක මාහිමිපාණන් වහන්සේගේ සුජීවත්ව සිටි අවසන් අවසන් ශිෂ්‍ය රත්නය වූ අතිපූජ්‍ය අම්පිටියේ රාහුල මහතෙරුන වහන්සේ, ශතවර්ෂාධික කාලයක් අායු වළඳා , අනියත ලෝකස්වභාවය පසක් කරමින් කලක්ව ගිලන්ව වැඩ සිට, අද (17/02/2020) උදෑසන අපවත් වී වදාළ සේක.

උන්වහන්සේ පතන බෝධියකින් නිවනේ නිවී සැනසීම ලබන සේක්වා!

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි