නවතම පුවත්

ඥාණසාර හිමියන් අදත් අධිකරණයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අධිකරණයට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියා. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනෙකුද අද (17) අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි බවයි අධිකරණ වාර්තාකරු පවසන්නේ.

එලෙස අභියාචනාධිකරණයේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් මුලතිව් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. අධිකරණ නියෝගයකට පටහැනිව ක්‍රියාකිරීමෙන් අධිකරණයට අපහාස  කළ බවටයි මෙම විත්තිකරුවන් චෝදනා ලැබ සිටින්නේ.

ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ සිදු නොකරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් කර තිබුණා. විත්තිකරුවන් විසින් නොසලකා හැර ඇතැයි පැවසෙන්නේ මෙම අධිකරණ නියෝගයයි. නඩුව ලබන මැයි මස 13 වනදා යළි කැඳවීමට දින නියම කෙරුණා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි