කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස මැලේරියාවට ලබාදෙන ක්ලොරෝක්වීන් පොස්ෆේට් ( Chloroquine Phosphate,) නම් ඖෂධය යොදාගත හැකි බවට චීන විශේෂඥයින් පිරිසක් විසින් සොයා ගෙන ඇත.
එම ඖෂධය භාවිතා කර සිදුකරන ලද පර්යේෂණ හරහා මේ බව අනාවරණය වී ඇති බවද චීන විශේෂඥයින් කණ්ඩායම අද දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
කොරෝනා රෝගය සුවකිරීම සඳහා සාර්ථක බලපෑමක් මෙම ඖෂධය මගින් සිදුකරන බව එම විශේෂඥයින් ප්‍රකාශ කර ඇත.
මෙම ඖෂධය ඉදිරියේදී මෙම රෝගයට ලබාදෙන ප්‍රතිකාරයක් ලෙස නිල වශයෙන් නිර්දේශ කිරීමටද චීන සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වන බවද වාර්තාවේ.