නවතම පුවත්

වූහාන් රෝහලේ ප්‍රධානියා වෛද්‍ය ලියූ ෂිමින් කොරෝනා වෛරසයෙන් මිය යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වූහාන් නුවර ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියූ ෂිමින් මහතා අද දින (18) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කණ්ඩායමේ ඉහළ ම නිලතල දරමින් සිටි පිරිස අතර, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය දෙවන වෛද්‍යවරයා වන්නේ ලියූ ෂිමින් මහතාය. වයිරසය සම්බන්ධයෙන් පළමුව අනතුරු ඇඟවූ වුහාන් මධ්‍යම රෝහලේ අක්ෂි වෛද්‍යවරයකු වූ වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මහතා පසුගිය දා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේය.

වෛද්‍ය සේවකයෝ 10,000ක් පමණ පිරිසක් මේ වනවිට වයිරසය මැඩපැවැත්වීමට ක්‍රියාකරමින් සිටින අතර, චීනයේ බලධාරීන් පැවසුවේ පසුගිය සිකුරාදා දිනය වනවිට සෞඛ්‍ය සේවකයන් 1716කට රෝගය ආසාදනය වී ඇති අතර, 6දෙනෙකු මිය ගිය බවය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි