Covid2019 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මෙරට තුළ දී හඳුනාගත් චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබා රෝහලින් පිටත්ව ගොස් තිබේ.
ඇය අංගොඩ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් තුළ ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ බවට වෛද්‍යවරුන් විසින් සහතික කිරීමෙන් අනතුරුව මෙලෙස පිටත්වීමට කටයුතු කර ඇත.
ඇයට සමුදීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද රෝහලට ගිය අතර ඇය සමුගන්නා අවස්ථාවේ අදාල චීන කාන්තාව ද ඉතා සංවේදී වනු දක්නට හැකිවිය.