Covid2019 හෙවත් කොරෝනා වෛරසය මිනිස් සෛලවලට ඇතුළුවීම, ඖෂධ වර්ග කිහිපයක් යොදා ගනිමින් වැළැක්විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණ ආයතනයේ සෛල විද්‍යා හා අණුක ජීව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය සමීර සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදු කර ඇත.
ජෛව තොරතුරු තාක්ෂණය යටතේ දියුණු කළ පරිගණක මෘදුකාංග යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදුකර ඇත.
ඉදිරි දින කිහිපය ඇතුළත දී මෙම නව සොයාගැනීම පිළිබඳ සියලු තොරතුරු නිල වශයෙන් විද්‍යාත්මක ප්‍රජාව වෙත මුදාහරින බවත් ආචාර්ය සමරකෝන් මහතා මාධ්‍ය මාධ්‍ය වෙත පැවසීය.
එසේම චීනයේ සෞඛ්‍ය නිලධාරින්ගේ කැමැත්ත ඇත්නම් කොරෝනා රෝගීන්ට සෘජුව මෙම ඖෂධ ලබාදී සායනික තත්ත්වයන් සොයා බලා තහවුරු කර ගැනීමට ද කරගැනීමට බලාපොරොත්තු වන බව ඔහු මෙහිදී එහිදී වැඩිදුරටත් කියා සිටියේය.