නවතම පුවත්

දේශපාලන පළිගැනීම් ගැන හොයන කොමිසම පැමිණිලි බාරගන්නා දවස දීර්ඝ කරයි

අසංක

අසංක

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීමේ අවසන් දිනය මාර්තු 6 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම කොමිසම තීරණය කර ඇත .

බොහෝ දෙනෙකු කළ ඉල්ලීම් සැළකිල්ලට ගෙන පැමිණිලි භාර ගැනීමේ දිනය මෙලෙස දීර්ඝ කිරීමට තීරණය කළ බව එම ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු අද (21) අප වෙබ් අඩවිය වෙත පැවසීය .

මෙම ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාර ගැනීමේ දිනය පෙබරවාරි 20 වැනි දායින් පසු අවසන් කරන බව කොමිසම මීට පෙර දැනුම් දී තිබිණි.

2015 ජනවාරි 8 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනිදා දක්වා කාලය තුළ සිදු වූ බව කියන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මෙම කොමිසමේ කාර්යභාරය වේ.

මේ වන විට කොමිසමට පැමිණිලි 315ක් ලැබී තිබෙන අතර කොමිසම මගින් පත්කළ විශේෂ පොලිස් ඒකකයක් මගින් මූලික විමර්ශන අවසන් කළ පැමිණිලිවලට අදාළව මේ වනවිට සාක්ෂි විමසීම ආරම්භ කොට ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි