නවතම පුවත්

ජපානය ශ්‍රී ලංකාව සමඟ සොඳුරු සන්ධානයකට සැරසෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින සබඳතා , උතුම් අභිලාෂයන් පෙරදැරි කරගනිමින් තවදුරටත් වර්ධනය කල යුතුව ඇති බව මෙරට ජපාන තානාපති අකිරා සුගියාමා මහතා අවධාරණය කර සිටී.

ඒ අනුව දෙරට අතර පවතින මිත්‍රත්වය හා සමගිය වර්ධනය කිරීමට ගත හැකි සැම පියවරක්ම ගන්න බවද ජපාන නිදහස් දින සැමරුම නිමිති කරගනිමින් පසුගියදා මෙරට ජපාන තානාපති නිලනිවසේ පැවති විශේෂ උත්සවයේදී සුගියාමා මහතා පැවසීය .

පසුගිය වසරේදී ජපානයේ නව අධිරාජයා ලෙස කිරුළු පළඳී , නරුහිතෝ අධිරාජයා , තම පාලන යුගය ” සොඳුරු සමගියේ යුගය ” ලෙස නම් කර ඇති බවත් ඒ අනුව ජපානය ශ්‍රී ලංකාව සමගද එම සොඳුරු වූ සමගි සන්ධානය ගොඩනංවන බවත් සුගියාමා මහතා මෙහිදී පැවසීය .

ජපන් නිදහස් දින සැමරුම , ජපානයේ නරුහිතෝ අධිරාජයාගේ උපන්දිනය නිමිති කරගනිමින් , පැවැත්වේ.

ජපාන නිලනිවසේ පවතී මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වූ අතර , කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙන්ම විදෙස් තානාපතිවරුන් ප්‍රමුඛ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි