නවතම පුවත්

ජිනීවා මානව හිමිකම් සැසිය හෙට ඇරඹේ- මෙරට වාර්තාව 27දා

අසංක

අසංක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය හෙට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව පිලිබඳ විශේෂ වාර්තාව ලබන 27 දින මෙම කවුන්සිල සැසිවාරය වෙත ඉදිරිපත්වීමට නියමිතව ඇත.

එහිදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වාචික කරුණු දැක්වීමක්ද සිදු කිරීමට නියමිතව බව වාර්තාවේ.


මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගී වන මෙරට දූත පිරිසේ නායකත්වය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් දරනු ලබන අතර එහිදී රජය ගෙන ඇති තීරණයන් පිළිබඳ පෙබරවාරි 26 වන දින විධිමත් ලෙස කවුන්සිලයේ සාමාජිකයින් දැනුවත් කිරීමට අමාත්‍යවරයා සැලසුම් කර ඇත.

මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳ සිදුකරනු ලබන වාචික කරුණු දැක්වීමට, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප‍්‍රතිචාර දැක්වීමටද නියමිතය.

මේ අතර ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධන කිරීම පිළිබද යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග‍්‍රහය ඉල්ලා අස්කර ගැනිමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇති බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මේ වනවිටත් දැනුම් දී අවසන් බව වාර්තාවේ.. මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත් ටිචී ෆිස්ල්බර්ගර් සමග ආරියසිංහ මහතා සාක්චාවේදී මේ බව දැනුම් දී ඇත .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා