පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ක පිටපතක් භාර දීම සඳහායි.
එම කොමිසම හමුවේ ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා දෙමින් මීට පෙර සඳහන් කර තිබුණේ තමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවේ පිටපතක් කොමිසම වෙත ලබාදීමට ලබා දීමට කටයුතු කරන බවයි.
ගම්මන්පිල මන්ත්‍රීවරයා අද දිනයේ කොමිසමට පැමිණ තිබුණේ එම පොරොන්දුව ඉටු කිරීම සඳහාය.