නවතම පුවත්

මහඡන්දෙට වියදම කෝටි 750ක්

අසංක

අසංක

මහ මැතිවරණය පැවැත්වීම සඳහා වියදම රුපියල් කෝටි 750 ක් දක්වා ඉහළ යා හැකි බව මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී ඇත.

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් මෙලෙස අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි කොමිසම පෙන්වා දී ඇත.

අපේක්ෂකයන් වැඩිවීම හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කිරීමට ද සිදුවන බව මැතිවරණ කොමිසම පෙන්වා දී ඇති අතර මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය සේවකයන් ලක්ෂ 03 කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට සිදුවනු ඇති බව ද ගණන් බලා තිබේ.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 550 ක මුදලක් මීට පෙර ඇස්තමේන්තු කර තිබිණ.

මෙවර මහ මැතිවරණය 2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව පැවැත්වීමට නියමිත අතර පසුගිය 2018 ඡන්ද හිමි නාමලේඛනය හා සැසඳීමේදී නව ඡන්දදායකයන් 270,000 කට ඡන්ද අයිතිය හිමිව තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා