ලොව රටවල් 140 කට ආසන්න සංඛ්‍යාවක මේ වන විටත් කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති අතර වෛරසයට ගොදුරුවූවන්ගේ ගණන 169000 ඉක්මවා තිබේ. එසේම සුවය ලැබූ පිරිස 76000 කට අධිකය. කොරොනා වෛරසයේ මේ වන විට දැඩිම බලපෑම එල්ලවී ඇත්තේ ඉතාලියටය. ඊට අමතරව ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන රටවලටද කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
මේ වන විට කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවය පත්ව ඇත්තේ ඉතාලිය , ස්පාඤ්ඤය සහ ප්රංශයයි. කොරෝවා ව්‍යාප්තිය ඇරඹි චීනය මේ වන විට වෛරසය පැතිරයාම පාලනය කර ඇති අතර ඊයේ දිනයේ දී චීනයෙන් හමුවී ඇත්තේ නව ආසාදිතයින් 16 දෙනෙක් පමණි.
චීනයෙන් පසු වැඩිම කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව ඇති ඉතාලියෙන් මේ වන විට මරණ1,809 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයින් ගණන 24,747ක්. ඉතාලි සෞඛ්‍යය අංශ ප්‍රකාශ කළේ ගත වූ පැය 24 තුළ නව මරණ 368ක් වාර්තා වී ඇති බවයි.