නවතම පුවත්

දින 10 ක් යන තුරු මහජන රැළි එපා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් පැතිරයාම මුල්කරගනිමින් අවම වශයෙන් ඉදිරි  දින 10 තුළ වත්  ප්‍රසිද්ධ මහජන රැළි සහ ජනතාව රැස්වන ප්‍රචාරක වැඩ සටහන් පැවැත්වීමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නායකයින්, අපේක්ෂකයින්  හා දේශපාලන ක්‍රියාකාරිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මැතිවරණයට නාමයෝජනා භාර ගැනීම් සිදුවන හෙට  (17) අනිද්දා (18) සහ  (19) දා නාමයෝජනා භාරදීමට පැමිණීමේදී  ඒ සදහා නීතියෙන් බලයලත් පුද්ගලයින් පමණක් නාමයෝජනා ශාලාවට එවන ලෙස ද  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගෙන්, ස්වාධින කණ්ඩායම් නායකයින්ගෙන් සහ බලයලත් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කරයි.

නාමයෝජනා ශාලාවට ඇතුළුවීමට හැකියාව ඇත්තේ නාමයෝජනා භාරදීමට බලය ඇති ලේකම්වරයා, බලයලත් නියෝජිතයා හෝ ස්වාධින කණ්ඩායම් නායකයා සහ නාමයෝජනා පත්‍රයේ දෙවැනියට නම සදහන් තැනැත්තාට පමණක් බවද ඔහු සදහන් කරයි.   අවශ්‍ය නම් එක් සහයකයෙක් පමණක් නාම යෝජනා ශාලාවට කැදවාගෙන ඒමට හැකි බවද ඔහු පැවැසීය.

එය එසේ වූවත් පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව කැදවාගෙන ඒමෙන් වැලකී නාමයෝජනා භාරදෙන තැනැත්තා හා තවත් අයෙක් පමණක් නාමයෝජනා ශාලාවට පැමිණෙන්නේ නම් බෙහෙවින් අගය කරන බව මහින්ද දේශප්‍රිය මහතා  සදහන් කරයි.

මැතිවරණ නීතිය යටතේ පෙළපාලි යාම හා නීති විරෝධි රැස්වීම් තහනම් බැවින් මේවන විට අප රටට තර්ජනයක් වී ඇති කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවිය යුතු බැවින් නාමයෝජනා ශාලාව අවට  ආධාරකරුවන් රැස් කරවීමෙන් , කැදවීමෙන්  හා පෙළපාලි යාමෙන් වලකින ලෙසද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්