කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ඇති වගකීම නොතකා තවමත් රට තුල ජනතා එක්රැස්වීම් දක්නට ලැබෙන බව IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා අවධාරණය කර සිටී.
ඉතුක් සති අන්තයේ මහා ක්‍රිකට් තරගාවලියක් පවත්වා පිරිසක් වගකීම් රහිත ක්‍රිියාවලියක නිරත වූ බවත් , වන්දනා ගමන් හා විවිධ ප්‍රසංග ආදිය තවමත් ඇතැම් ප්‍රදේශවල පැවැත්වෙන බවත් ඒ මහතා පැවසීය
නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා එක්රැස්වීම් හැකිතාක් අවම කරමින් ජනතාව සහය ලබාදිය යුතු බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පවසයි