රමේෂ් වරල්ලෙගම
ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෙවී ගිය පැය 24 කාලය (සිකුරාදා) තුළ කොවිඩ්-19 වෛරසය වැලදී 2108 දෙනෙකු මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දී තිබේ.
ඒ අනුව දිනක් තුළ කොවිඩ්-19 මරණ දෙදහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වු පළමු රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය වාර්තා වේ.
ඇමෙරිකාවේ මේ වනවිට මරණ 18,586 ක් වාර්තා වී ඇත. ඉතාලියේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 18,849 ක් වන ඇමෙරිකාව ඒ ආසන්නයටම පැමිණ තිබේ.
COVID-19 රෝගීන් මිලියන භාගයකට ආසන්න සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර උදෑසන 8:30 වන විට (GMT සෙනසුරාදා 0030) එම අගය 496,535 ක් වී තිබේ. එය පසුගිය පැය 24 ගත්විට කොවිඩ්-19 අසාදිතයන්ගේ සංඛ්‍යාව 35,098 ක වැඩිවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.