නවතම පුවත්

ජාඇල හොරකමේ ගිය පුද්ගලයාගේ කුඩු සගයින් 6කට කොරෝනා

අසංක

අසංක

දම්පත් රණසිංහ

නාවික හමුදා බුද්ධි අංශ විසින් ජාඇල  සුදුවැල්ල ප්‍රදේශයේ දී අල්ලාගෙන සුදුවැල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය මත්කුඩු ලෝලීන් විසිතුන් දෙනාගෙන් හය දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව හෙළි වී තිබේ.

ඊට අමතරව දේවලින් හඳුනා ගෙන සිටි තවත් පුද්ගලයකුට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී ඇත.

ඒ අනුව අද දිනයේදී වෛරසය වැළඳුණු බවට තහවුරු වූ පුද්ගලයින්  හත්දෙනකු හමුවීමත් සමග මෙරටින් හමු වූ කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව 197 දක්වා ඉහළ ගියේය.

ජා ඇල ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ නිවසට හොරකමක් සඳහා ඇතුළු වන අවස්ථාවේදී අසල්වැසියන් විසින් මත්කුඩු පානයට ඇබ්බැහි වූ ත්‍රිරෝද රථ රියදුරකු අල්ලා පොලිසියට භාර දී ඇත.

මෙම පුද්ගලයා ඇසුරු කළ දහසකට වැඩි පිරිසක් හඳුනාගෙන එහි සියලු දෙනා ස්වයං නිරෝධායනට යොමු කිරීමට යොමු කිරීමට කටයුතු කර තිබේ.

මෙ ම පුද්ගලයන් අතර අදාළ පුද්ගලයා විසින් එක්ව මත්කුඩු පානය කළ තිහකට ආසන්න පිරිසක් හඳුනාගෙන නිරෝධායනයට යොමු කර තිබුණි.

එහෙත් මත් කුඩු ලෝලීන් නිරෝධායනය නොවී නිවසින් පැන ගොස් රට පුරාම සැරිසරා තිබේ.

මේ තත්ත්වය මත නාවික හමුදා බුද්ධි අංශ විසින් ඔවුන්ගෙන් විසිතුන් දෙනකු අත්අඩංගුවට ගෙන ඔලුවිල් හී නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යන ලදී.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා