නවතම පුවත්

ලංකාවේ කොවිඩ්-19 මෙහෙයුම අසාර්ථක කරන්න NGO මුදල් අරගෙනදැයි සොයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රි ලංකාවේ කොවිඩ්-19 පැතිරායම පාලනය කරමින් ගෙනයන වැඩපිළිවෙළට යුද හමුදා සාමාජිකයන් යොදා ගැනීම ඔස්සේ මානව හිමිකම් කඩවී ඇති බවට ජන මතයක් ගොඩ නැගීම සදහා මෙරට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට මුදල් ලබා දී ඇතැයි ලද තොරතුරකට අනුව රාජ්‍ය බුද්ධි සේවය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අන්තර්ජාතික සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියේ නිවේදනයක් මගින් එහි ප්‍රධානී සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක බව කියන යස්මින් සුකා පසුගියදා ශ්‍රි ලංකාවට මෙම චෝදනාව කර තිබිණි.
ඒ සදහා ඇය විසින් තොරතුරු සම්පාදනය කර ඇත්තේ මෙරට මානව හිමිකම් ක්‍රියාකාරීන් බව කියන ඇතැම් අන්තගාමී රාජ්‍ය නොවන සංවිධානවලින් ලබාගත් තොරතුරු අනුව බව මේ වනවිට ක්‍රියාත්මක රාජ්‍ය බුද්ධි සේවය මුලික විමර්ශවවලින් පැහැදිලි වී ඇත.

අදාල තොරතුරුවලට අනුව මෙරට රාජ්‍ය නොවන සංවිධානවල මානව හිමිකම් ක්‍රියාකාරිත්වය සදහා විශාල මුදලක් යොමුකරමින් අදාල කාර්යය විවේචනය කිරීම ජනතාව තුළින් ඊට විරෝධයක් දැක්වීම ඔස්සේ දහස් ගණන් ජනතාවගේ ජීවිතය කොවිඩ්-19 හමුවේ අනතුරේ හෙළීමට සැලසුම් කළේද යන්න ගැන අදාල විමර්ශන ඔස්සේ පරික්ෂාවට ලක්කරමින් සිටින බව ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
කෙසේ වෙතත් මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියාවලට සහය දෙන ඇතැම් සංවිධාන හැර අනෙකුත් බොහෝ සංවිධාන මෙම ව්‍යවසනය හමුවේ ජනතාවට සහන සැලසු ආකාරය පිළිබදවද රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු සැළවී තිබේ.
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි