සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද (13) දිනට යෙදී තිබේ.
එහෙත් මෙවර අලුත් අවුරුද්ද සැමරීමට ලාංකික ජනතාවට සිදුව ඇත්තේ නිවෙස් තුළට සීමා වෙමිනි.
නව කොරෝනා වසංගතය හේතුවෙන් හෙට දිනයේද මුළුමහත් ශ්‍රී ලංකාවටම ඇඳිරි නීතිය පනවා තිබේ.
ඒ මෙම වසංගතයේ වෛරසය පැතිරීම වැලැක්වීමේ වැඩසටහනේ එක් අනිවාර්ය අංගයක් ලෙසයි.
ලොව පුරා විසිරි සිටින ලාංකික ජනතාවගෙන් බොහොමයකට ද ලොක්ඩවුන් හෙවත් රඳවා තැබීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තත්ත්වය බලපා තිබේ.
එබැවින් මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිවසට වී නිවැසියන් සමඟ පමණක් සමරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉල්ලා සිටියේ මෙවර අලුත් අවුරුද්දට නිවෙසටම වී සිය පවුලේ අය සමග කාලය ගත කරන ලෙසයි.