පැතුම් වික්‍රමරත්න
ගිනිකොණ දිග ආසියානු කලාපීය රටවල නායකයින් හෙට දින වීඩියෝ තාක්ෂනය ඔස්සේ චීන , ජපාන හා දකුණු කොරියානු නායකයින් සමග විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිතය.
කොරෝනා වසංගතය මැඩලීමේ සහයෝගීතාව ලෙස මෙම සමුළුව නම් කර ඇති අතර වියට්නාම අගමැති සුවාන් ෆූක් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.
කොරෝනා මැඩලීම සඳහා අත්දැකීම් හුවමාරු කරගැනීම මෙන්ම ඒ සඳහා ගිනිකොණ දිග ආසියානු රටවල් වෙත අවශ්‍ය ආධාර ලබාගැනීමද මෙම සමුළුවේ අරමුණු අතර වන බව මැලේසියානු විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙද්රෝස් අදනම් මහතාද මීට එක්වීමට නියමිතය.