නවතම පුවත්

නිව්යෝර්ක් වැසියන්ගෙන් 21%කට දන්නෙම නැතුව කොරෝනා

අසංක

අසංක

ඇමෙරිකාවේ නිව්යෝක් නගර වැසියන්ගෙන් සියයට 21 කටම, ඔවුන්ද නොදැනුවත්වම කොරෝනා වෛරසය අසාධනය වී , ඇති බව නිව්යෝක් ප්‍රාන්තය පුරා සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

මෙහිදී එම ප්‍රාන්තයේ විවිධ නගරවල පොදු ජනතාව අතරින් අහඹු ලෙස කණ්ඩායම් තෝරාගනිමින් ඔවුන් තුල කොරෝනා වෛරස ප්‍රතිදේහ ඇතිදැයි පරීකෂා කර ඇත.

මෙහිදී නිව්යෝර්ක් නගර වැසියන්ගෙන් සියයට 21.2 තුල මෙම සමස්තයක් ලෙස එම ප්‍රාන්තය තුල සියයට 13.9 කගේම ශරීර තුල කොරෝනා ප්‍රතිදේහ හමුවී ඇත.

ඒ අනුව නිව්යෝක් ප්‍රාන්තයේ සැලකිය යුතු පිරිසකට ඔවුන් නොදැනුවත්වම කොරෝනා රෝගය වලදී , නොදැනුවත්වම සුවවී ගොස් ඇති බව නිගමනය කල හැකි බවද මෙම පර්යේෂකයෝ සඳහන් කර සිටී .

මෙම පරීක්ෂණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩ්රු කොමෝ මහතා මෙසේ සඳහන් කර ඇත .

“මෙසේ පරීක්ෂාවට ලක් වූයේ මේ අවස්ථාවේදී රැකියාව සඳහා නොයන, එනම් අත්‍යවශ්‍ය සේවයක නොනියැලෙන, කිසියම් අවශ්‍යතාවයක් සඳහා, බොහෝ විට භාණ්ඩ මිල දී ගැනීම සඳහා, නිවසින් පිටතට ගිය අයයි. වයස 18 ට අඩු අය පරීක්ෂාවට ලක් කර නැහැ.

මෙම පරීක්ෂණ ප්‍රතිඵල අනුව නිව්යෝර්ක් ප්‍රාන්තයේ 13.9% කට වෛරසය ආසාදනය වී ඇති සේ සැලකුවහොත් එම ප්‍රමාණය මිලියන 2.7 ක් විය යුතුයි. එහෙත්, දැනට හඳුනාගෙන තිබෙන ආසාදිතයින් ප්‍රමාණය එම ගණනින් 10% ක් පමණයි. මෙයින් අදහස් වන්නේ හඳුනාගත් එක් ආසාදිතයෙකුට හඳුනා නොගත් ආසාදිතයින් දහ දෙනෙකු සිටින බව විය හැකියි. මේ පදනම මත සැබෑ කෝවිඩ්-19 මරණ අනුපාතය 0.5% ක් පමණක් විය හැකියි. “

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා