නවතම පුවත්

ID අංකයේ පටලැවිල්ල පොලීසිය ලිහිල් කළේ මෙහෙමයි

අසංක

අසංක

ඇඳිරිනීති සංශෝධනය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු කිහිපයකට පොලිස් දෙපාර්තමේන්තුවේ නීති කොට්ටාශයේ ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය : ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයට නිවසින් බැහැර විය හැක්කේ ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල ජනතාවට ද?

පිළිතුර : කොහෙත්ම නැහැ. එම අවස්ථාව ලබාදී ඇත්තේ ඇඳිරිනීතිය ලිහිල් කරන බවට නිවේදනය කර ඇති ප්‍රදේශවල ජනතාවට ඇඳිරිනීතිය ලිහිල් කෙරෙන කාලසීමාව තුළ පමණයි.

ඒත් එලෙස වුවත් යා හැක්කේ පාගමනින් යන ළඟම වෙළෙඳසලට හෝ ඖෂධහලට ආහාර හෝ ඖෂධ ගැනීම සඳහා පමණයි. වෙනත් කිසිදු වුවමනාවකට හෝ නිකරුණේ, ඇඳිරිනීතිය ලිහිල් කළ කාලසීමාවේදී එම ප්‍රදේශවල ජනතාවට නිවසින් බැහැරව යන්න බෑ.

ප්‍රශ්නය : ඇඳිරිනීතිය ඉවත් කෙරෙන කාලසීමාවල එම ප්‍රදේශවල දිස්ත්‍රික් අතර ගමනාගමනය කරන්න පුළුවන් ද?

පිළිතුර : බැහැ. ඇඳිරිනීතිය ඉවත්කෙරෙන වගේම ඇඳිරිනීතිය පනවා ඇති විටත් දිස්ත්‍රික් අතර ගමනාගමනය තහනම්.

ප්‍රශ්නය : කිසියම් අයකුට හදිසි අසනීප තත්ත්වයක් ඇතිනම් ඔහු ඖෂධ හෝ ප්‍රතිකාර ගන්න යන්න හැඳුනුම්පතේ අවසාන අංකයට අයත් දිනය වෙනකල් සිටිය යුතුද?

පිළිතුර : නැහැ. එහෙම අයකුට ඉතාම බරපතළ නම් නොමිලේ ගිලන් රථ සේවය ගෙන්වා ගැනීම හෝ පෙර පරිදි බෙහෙත් තුණ්ඩුව පෙන්වා ඖෂධ ගන්න පිටතට යා හැකියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්