ලොක්ඩවුන් ගම් 6ක් නිදහස්

Picture of අසංක

අසංක

හුදෙකලා කර තිබුණු බේරුවල, අටළුගම, අකුරණ, රත්නපුර, යාපනය සහ මීගමුව යන ගම්මාන මේ වන විට නිදහස් කර තිබේ.

එම ගම්මාන ආශ්‍රිතව කොවිඩ් වෛරසය පැතිර යාමක් සිදු නොවන බවත් නිරෝධායනය වූ සියළුම දෙනා මේ වන විට නිරෝධායනය අවසන්ව නිවෙස්වලට ගොස් තිබෙන බවත් එම ප්‍රදේශවල ආරක්ෂක අංශ සදහන් කළේය.

මේ වන විට ගැටළුවක්ව පවතින්නේ වැලිසර නාවික හමුදාවේ සෙබලුන්ට වෛරසය ආසාධනය වීම බවත් එයද සාර්ථකව පාලනය කරමින් ඇති බවත් සෞඛ්‍ය අංශ සදහන් කළේය.