ඇඳිරිනීති බලපත් තවත් මාසයක් වලංගුයි

Picture of අසංක

අසංක

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා ලබාදුන් ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය මැයි මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

එම ඇඳිරිනීති බලපත් වලංගු කාලය අවසන් වීමට නියමිතව තිබුණේ අද දිනයේ ය.

මේ හේතුවෙන් නව ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනුණු සමස්ත පුද්ගලයින් ගණන 41,557කි. සමස්ත වාහන ගණන 10,719ක් වේ.

ඇඳිරි නීති කාලසීමාව තුළ නීතිවිරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැරදිවලට අදාලව පුද්ගලයින් 35,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.