නවතම පුවත්

වසර 31ක් තිස්සේ රිය බලපත් නැතුව වාහන පැද්ද එජාප නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

අසංක

අසංක

රියදුරු බලපත්‍රයක් නොමැතිව වසර 31 ක් තිස්සේ මහ මග රථවාහන පැදවූ බේරුවල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් බේරුවල පොලීසිය ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගාලු පාරේ බේරුවල මස්සල ඉන්ධන පිරවුම් හල ආසන්නයේදී ය.

එහි වාහන පරීක්ෂාවක නිරතව සිටි බේරුවල පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට රියදුරු බලපත්‍ර නොමැතිව වාහන ධාවනයේ නිරතව සිටි මෙම මන්ත්‍රීවරයාව කොටුවී ඇත.

අත්අඩංගුවට ගන්නා විට ඔහු පදවමින්සිට ඇත්තේ බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයකි.

මෙම සැකාර මන්ත්‍රීවරයා වයස අවුරුදු 50 ක් පමණ වන අයෙකි.

රියදුරු බලපත්‍රයක් නොමැතිව වසර31ක් ඔහු වාහන පදවා ඇතැයි හෙළිවී ඇත්තේ ප්‍රශ්න කිරීම්වලදීය.

සංචාරක මගපෙන්වන්නෙක් ද වන ඔහු සුඛෝපභෝගී මෝටර් රථවලින් නගරයේ ගමන් කිරීම සුලභ දසුනක් බවත් මාර්ග නීති උල්ලංඝනය කිරීම්වලින් තොරව ඔහු රිය ධාවනය කිරීම හේතුවෙන් මෙතෙක් කළක් පොලීසියට හසුවී නැති බවත් විමර්ශනවලින් පෙනීගොස් තිබේ.

එසේම ඔහු පොලීසිය සමගද හිතවත් අයෙක් බව පැවැසේ.

මෙම පුද්ගලයා පදවමින් සිටි මෝටර් රථය පරීක්ෂාවට ලක්ව ඇත්තේ ඇදිරි නීතිය පැවතියදී මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් බව පොලීසිය සදහන් කරයි.

සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව නඩුපැවැරීමට පියවර ගන්නා බව පොලීසිය කියයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්