නවතම පුවත්

යාපනය අරධද්වීපයම කොරෝනා වෛරසයෙන් තොර වෙයි

අසංක

අසංක

යාපනය අර්ධද්වීපය මේ වන විට කොවිඩ් 19 වෛරසයෙන් තොර කළාපයක් බවට පත්ව ඇතැයි යාපනයේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පවසයි.

යාපනයට කොවිඩ් 19 පැතිරයාමේ අවධානමක් ඇතිවූයේ ඇදහිලි මගින් ලෙඩ සුවකරන ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි  දේවගැතිවරයාගේ යාපනයේ සංචාරයත් සමග ය.

රෝග ව්‍යාප්තිය වැලැක්වීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ එක්ව ගත්ක්‍රියා මාර්ග හේතුවෙන් කොවිඩ් 19 වෛරසයෙන් යාපනය අර්ධද්වීපයේ ජනතාව ආරක්ෂා වූ බව යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සදහන් කළේය.

ස්විස් දේවගැතිවරයාගේ මෙරට සංචාරයෙන් අනතුරුව කොවිඩ් 19 වෛරසය ආසාධිත 16 දෙනෙක් යාපනයෙන් හමුවිය.

ඒ සියළු දෙනාම අරියාලේ සහ මානිප්පායි හී පදිංචි කරුවන් වේ.

එසේ වෛරසය ආසාධිතයින්ගෙන් සිව් දෙනෙක් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පැමිණ සිටි.

සෙසු 14 දෙනා තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්