කොරෝනා නිසා අමාරුවේ වැටුණු මැදපෙරදිග ලාංකිකයන්ට රජයෙන් වැඩපිළිවෙළක්

Picture of අසංක

අසංක

 

කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්වි සිටින මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්⁣⁣ගේ අඩුපාඩු සොයාබලා ඔවුන්උට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත.

මැදපෙරදිග රටවල තානාපති කාර්යාලවලට අනුබද්ධ කම්කරු සුබසාධන නිලධාරින් හරහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටද කාර්යාංශය සැලසුම් කර ඇත.

මේ අනුව ඩුබායි හා උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ට වියලි අාහාර ලබාදීම තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශය විසින් මේ වනවිටත් සිදුකර ඇත.

එමිරේට්ස්, ඩුබායි. සාජා, රෝයල් කායිමා, අජ්මාන් වැනි ප්‍රදේශවල කර්මාන්ත ශාලා තාවකාලිකව වසා දැමිම නිසා අපහසුතාවයට පත්ව සිටින ශ්‍රමිකයන් හා නිති විරෝධිව රැදිසිටින ශ්‍රමිකයන්ට වියලි අාහාර ලබාදීම සිදුකර තිබේ.