බස්- දුම්රියෙන් එන සේවකයන්ගේ ලැයිස්තුවක් රජය ඉල්ලයි

Picture of අසංක

අසංක

රාජකාරී සඳහා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ කාර්යාල වෙත වාර්තා කරන වෘත්තිකයින්ගේ ලැයිස්තුවක් ලබා දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය , ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමක් කරඇත.

සමාජ දුරස්ථකරණය සහිතව පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේ පහසුව වෙනුවෙන් එම ලැයිස්තු කැඳවා ඇති බව අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ඒ අනුව වෘත්තිකයින් සේවා ස්ථානයට පැමිණෙන වේලාව සහ පිටව යන වේලාව සහිතව අදාළ ලැයිස්තුව ලබාදිය යුතු බව අමාත්යංශය අදාළ ආයතන වෙත දැනුම්දී ඇත.